ඇමරිකාව සමග ඕනෑම ආකාරයේ යුද්ධයකට සූදානම් බව චීනය පවසයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඉලක්ක කර ගනිමින් වෙළෙඳ භාණ්ඩ සඳහා වන බදු ඉහළ නැංවීම පිළිබඳ අප්‍රසාදය පළ කරමින් වොෂිංටන්හි චීන තනාපති කාර්යාලය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇමරිකාවට අවශ්‍ය වන්නේ යුද්ධයක් නම් එය වෙළෙඳ හෝ වෙනත් කුමන ආකාරයකින් වුවද එහි අවසානය සනිටුහන් කිරීමට චීනය සූදානම් බව චීන තනාපති කාර්යාලය සිය X ගිණුමේ සටහනක් තබමින් ද සඳහන් කර තිබේ.
The U.S. needs to realize that China is NOT a mirror image of the hegemonic U.S.
The U.S. should stop viewing China-U.S. relations with an outdated Cold War mentality.
The U.S. must no longer seek to contain or go after China in the name of strategic competition.
Whatever… pic.twitter.com/gEYaXtPGC6
— Spokesperson发言人办公室 (@MFA_China) March 6, 2025
මේ අතර මේ වසරේදී චීන රජයේ ආරක්ෂක වියදම් සියයට 7.2කින් ඉහළ නංවන බවට චීන අග්‍රාමාත්‍ය ලීක් කියෑන්ග් පසුගියදා ප්‍රකාශ කළේය.