දකුණු දිග යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බලශක්ති මධ්‍යස්ථානයක් ඔවුන්ගේ ඉලක්කය වී ඇති අතර සති 2 ක් තුළ බලශක්ති යටිතල පහසුකම් මධ්‍යස්ථානවලට එල්ල වූ 04 වන ප්‍රහාරය මෙය බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන් යුක්‍රේනයේ විදුලිබල සැපයුමට හා ජල සම්පාදනයටෙ බලපෑම් එල්ල කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන අතර ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද සඳහන් වෙයි.
රුසියාව එල්ල කළ ඩ්‍රෝන 181 න් 115 ක් විනාශ කළ බව යුක්‍රේන ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ.