Home අද වාහන ආනයනකරුවන්ට කොන්දේසි !

වාහන ආනයනකරුවන්ට කොන්දේසි !

219
0

ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

එසේම මුදල් අමාත්‍යංශය පෙන්වාදෙන ආකාරයට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා මෙම පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් පුද්ගලික මටටමින් වාහන ආනයනය කිරීමට අවශනම් එක් වාහනයක් පමණක් ආනයනය කල හැකි අතර ඒ සඳහා එම කොන්දේසි අදාළ නොවන බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි .

මෙම කරුණු අනාවරණය වූයේ, වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිලිබද කාරක සභාවේදී ය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක මෙසේ පැවසුවාය .

“2020 දී වාහන ආනයනය කරන එක තාවකාලිකව අත්හිටවනු ලැබුවා. තාවකාලිකව නවත්වපු එක අත්හිටුවන්නයි මේ ගැසට් එක නිකුත් කළේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන තියෙනවා. මහ බැංකුවේ නිරීක්ෂණ අරගෙන තියෙනවා. ඒ අනුව තමයි ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ. HS කෝඩ් 304ක් යටතේ වාහන ලංකාවට ගෙන්වීමට අවසර දීලා තියෙනවා. යම් යම් කොන්දෙසි වලට යටත්ව,  කොන්දෙසි  වශයෙන් කිව්වොත් මේ ගෙන්වන වාහන දින 90ක් ඇතුලත ලියාපදිංචි කරන්න ඕනේ. එහෙම ලියාපදිංචි කරලා නොතිබුනොත් 45%ක උපරිමයකට යටත්ව CIF වලින් 3% බැගින් වු දඩ මුදලකට යටත් වෙනවා. ඒ වගේම මාස 6ක් ඇතුලත ගෙන්න ප්‍රමාණය 25% ලියාපදිංචි කරලා නොතිබුණොත් ඒ අයගේ ආනයනය කිරීමේ හැකියාව නවතිනවා. ඒ කොන්දෙසි යටතේ වාහන ආනයනයට දීලා තියෙන අවසරය නවත්වනවා.

Previous articleකොදෙව්වන් පරදා ශ්‍රී ලංකා මාස්ටර්ස් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැනට !
Next articleසංජීව ඝාතනයේ සැකකරුවන් වීඩියෝ තාක්ෂණයෙන් අධිකරණයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here