ඉන්දියාව සමග පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම බවට පත්වීමට නවසීලන්තය ඊයේ (05)සමත් විය.
ඒ දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවති තරගයේදී ලකුණු 50කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
දෙවැනි අවසන් පූර්ව වටයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 326ක් රැස් කළ අතර එහිදී, Rachin Ravindra ලකුණු 108ක්ද, Kane Williamson ලකුණු 102ක්ද, Daryl Mitchell සහ Glenn Phillips ලකුණු 49ක්ද නවසීලන්තය වෙනුවෙන් රැස් කළේය.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ Lungi Ngidi කඩුළු 03ක්ද, Kagiso Rabada කඩුළු 02ක්ද, Wiaan Mulder එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් විය.
ලකුණු 327ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවන්ට පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 312ක් පමණි. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ David Miller නොදැවී ලකුණු 100ක් සමත් විය.
Rassie van der Dussen ලකුණු 69ක්ද, නායක Temba Bavuma ලකුණු 56ක්ද, Aiden Markram ලකුණු 31ක්ද ලෙසින් කණ්ඩායමේ ඉහළ ලකුණු රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී Mitchell Santner කඩුළු 03ක්ද, Glenn Phillips සහ Matt Henry කඩුළු 02 බැගින්ද, Michael Bracewell, Rachin Ravindra එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් විය.