Home අද රථ වාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ ත්‍යාග දීමනා 25% කින් ඉහළට !

රථ වාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ ත්‍යාග දීමනා 25% කින් ඉහළට !

21
0

රථ වාහන රාජකාරියේ නිරතවන පොලිස් නිලධාරීන්ගේ ත්‍යාගදීමනා 25% කින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම දීමනා ඉහළ දැමීම ඉකුත් පෙබරවාරි පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කෙරෙන අතර රථ වාහන රාජකාරිවල නිරතව සිටින නිලධාරීන් දිරිමත් කිරීමත්, රථ වාහන වැරදි අවම කිරීමට උපරිමයෙන් කටයුතු කිරීමටත් දිරිගැන්වීමක් වශයෙන් මෙම ත්‍යාග මුදල් ගෙවීම් වැඩි කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන රථ වාහන අංශ ස්ථානාධිපතිවරුන්, ක්ෂේත්‍ර රාජකාරියේ හා කාර්‍යාලයේ රාජකාරියේ නියැලෙන පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල්වරුන්, ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරන් සඳහාද මෙම ත්‍යාග දීමනා වර්ධනය ලබා දෙන බව සඳහන් වේ

Previous articleහමාස් සංවිධානයට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්
Next articleනවසීලන්තය සහ ඉන්දියාව චැම්පියන් කුසලාන අවසන් තරඟයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here