Home අද බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි

බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි

21
0

අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ඊයේ(05) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටී

Previous articleඑජාපය බලගන්වන වැඩක් කොළඹින් ඇරඹේ !
Next articleහමාස් සංවිධානයට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here