Home අද මේ වසරේදී චීන ආර්ථිකයේ 5% වර්ධනයක්.!

මේ වසරේදී චීන ආර්ථිකයේ 5% වර්ධනයක්.!

28
0

2025 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 5% ක වර්ධනයක් අපේක්ෂා කරන බව චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ දක්වා තිබේ.

එමෙන්ම නාගරික ප්‍රදේශයේ සමීක්ෂණයට ලක් විරැකියා අනුපාතය 5.5% ක මට්ටමේ පවත්වා ගැනීම, නව නාගරික රැකියා අවස්ථා මිලියන 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ද අපේක්ෂිත බව එහි දන්දහන් වේ.

නව වසරේ චීනයේ ජාතික සංවර්’ධන අරමුණු සැලසුම් කෙරෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය ඊයේ (05) උදෑසන බෙයිජිංහිදී ආරම්භ වුණි. ඒ බෙයිජිං හි මහජන මහා ශාලාවේදීය.

No description available.

No description available.

ජාතික මහජන කොංග්‍රසය චීන රාජ්‍ය පාලනයේ ඉහළම ආයතනය වන අතර වසර පහක ධුර කාලයක් පවතින ජාතික මහජන කොංග්‍රසය සෑම වසරකම සිය පූර්ණ සැසිය පවත්වනු ලබන අතර මෙවර සැසිවාරයේ දී ද චීන අග්‍රාමාත්‍ය ලී චන්ග් මහතා 2025 රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය.

No description available.

එම වාර්තාවට අනුව, 2024 වසරේ චීනයේ ආර්ථික ධාරිතාව ස්ථාවර ව ව්‍යාප්ත වී ඇති අතර දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 134.9 දක්වා වැඩි වී ඇත. ආර්ථික වර්ධන අනුපාතය ද සියයට 5ක් බවට පත්ව තිබේ.

එය ලොව ප්‍රධාන ආර්ථිකයන් අතරින් ප්‍රමුඛ වීම විශේෂත්වයක් වන අතර චීන ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථිකයට වන දායකත්වය සියයට 30ක මට්ටමක අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිව ඇති බව ද සදහන් වුණි.

ඒකාබද්ධ ජාතික වෙළඳපොළක් ගොඩනැගීම, ව්‍යවස්ථාපිත විශ්‍රාම යාමේ වයස ක්‍රමයෙන් ඉහළ නැංවීම ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ පියවර මෙවර හඳුන්වා දී ඇති බවයි වාර්තා වේ.

ඊට අමතරව චීනය නිෂ්පාදන කර්මාන්තයේ විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා ඇති සියලුම සීමාවන් ඉවත් කර තිබේ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ දී වෙළෙඳ ආයෝජන සහයෝගීතා වැඩි කිරීමටද චීනය මේ වසරේ අපේක්ෂා කරයි.

Previous article“රැවටුවා ඇති – බොරුවට තිත” ශ්‍රිලනිප මැතිවරණ සටන අරඹයි : දුමීගේ ඉන්ධන පිරවුම් හල ගැනත් කියයි !
Next articleඑජාපය බලගන්වන වැඩක් කොළඹින් ඇරඹේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here