මිද්දෙණිය ප්‍රදේශයේ පසුගියදා සිදු කළ ත්‍රිත්ව ඝාතනය සිදුකළ වෙඩික්කරු පොලිසිය විසින් අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇත.
වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැත්තා සහ ඔහුගේ 08 හැවිරිදි දියණිය සහ 09 හැවිරිදි පුතු මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූහ.
දරුවන් දෙදෙනා සමග යතුරුපැදියකින් වෙළඳ සලකට ගමන් කරමින් සිටියදී වීර කැටිය මිත්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
අද අත්අඩංගුවට ගත් වෙඩික්කරු ගෙන් ප්‍රශ්න කිරීමේදී සිද්ධියට අදාළ තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකි වූ බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධව මේ වන විට වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවේ පසුවෙන අය අතර පොලිස් නිලධාරීන්දෙදෙනෙක්. යුදහමුදා සේවයෙන් විශ්‍රාම ගිය සෙබලුන් දෙදෙනෙක්. සිටින බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සහ තවත් සිද්ධීන් ගණනාවක් පිළිබඳව මොවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.