Home අද විමල්ගේ “සඳේ ගින්දර” නවකථාව එළිදැක්වීමට දේශපාලන බාල්දියක් :රජයේ ශ්‍රවණාගාරය දෙන්න බෑ කියලා...

විමල්ගේ “සඳේ ගින්දර” නවකථාව එළිදැක්වීමට දේශපාලන බාල්දියක් :රජයේ ශ්‍රවණාගාරය දෙන්න බෑ කියලා !

87
0

තමන් විසින් රචිත සඳේ ගින්දර නම් නව කතාව මාර්තු 07 වනදා කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීම සඳහා සූදානම් කර තිබූ නමුත් ඉහළ දේශපාලන මැදිහත්වීමක් මත එම ස්ථානය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය නියමිත මුදල්ද ගෙවා වෙන්කිරීමෙන් දින දෙකකට පසුව අදාළ ස්ථානය ලබාදීමට නොහැකි බව දැනුම්දුන් බවද ඔහු සඳහන් කළේය.

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් රාජකාරි වේලාවෙන් ද බැහැර අවස්ථාවක දුරකථන මාර්ගයෙන් මෙකී අවලංගු කිරීම දැනුම්දුන් නමුත් නීත්‍යනුකූල ලෙස එළිදැක්වීමේ ස්ථානය වෙන්කළ බැවින් ඊට අදාළ ලෙස ආරාධනා පත්‍රද යොමුකර තිබූ බවද ඔහු පැවසීය.

88-89 ජවිපෙ දේශපාලනයේ නිරත සහෝදරවරුන් කිහිපදෙනෙකු ගේ සත්‍ය ජීවන අත්දැකීම් ඇතුළත් කර තමන් රචිත මෙම නවකථාව තම උපන් දිනය යෙදුණු මාර්තු 07 එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී සිදුකළ මේ ක්‍රියාව හේතුවෙන් තමන්ට පුරවැසියකු ලෙස බලවත් අගතියක් සිදුවන බවද විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේය .

මෙවැනි කටයුතු ඉතිහාසයේ නරකම ආණ්ඩු ලෙස හැඳින්වූ පාලකයන් ද සිදුකර නොමැති බවද ඔහු අවධාරණය කර සිටියේ ය.

Previous articleඑනවද? නැද්ද? සති අන්තෙට කලින් තීරණයක් ගන්න – රනිල් තලතාට කියයි
Next articleමෝදී ශ්‍රී ලංකාවට?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here