Home අද එනවද? නැද්ද? සති අන්තෙට කලින් තීරණයක් ගන්න – රනිල් තලතාට කියයි

එනවද? නැද්ද? සති අන්තෙට කලින් තීරණයක් ගන්න – රනිල් තලතාට කියයි

44
0

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අලුතෙන් ගොඩනගන පොදු සන්ධානය සමඟ සමගි ජන බලවේගය එක් වෙනවා ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය මෙම සති අන්තයට පෙර ලබා ගන්නා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප මහල් ලේකම් තලතා අතුකෝරල මහත්මිය වෙත උපදෙස් දී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගොඩනගන පොදු සන්ධානය සමඟ එක්වීමට මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ රැසක් හා කණ්ඩායම් කිහිපයක් එකඟතාවය පළ කර තිබේ.

එම පක්ෂ සහ කණ්ඩායම් වල නායකයින් හා ක්‍රියාකාරීන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලය තුළ සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇත.

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පසුගිය කාලය තුළ සාකච්ඡාවට කිහිපයක් පැවැති අතර එහි අවසන් සාකච්ඡාව පක්ෂ දෙකෙහි නායකයින් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.

එහෙත් එම සාකච්ඡාව සඳහා සමගි ජනබවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් එකඟත්වය පළ කර නොමැත.

මේ තත්ත්වය මත සමගි ජන බලවේගය පොදුසන්ධානය සමඟ එක් නොවන්නේ නම් දැනට ඒ සඳහා එක්වීමට එකඟත්වය පළ කර තිබෙන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු බව එක්සත් පක්ෂයේ ක්‍රියාකාරීන් බහුතරයකගේ මතය වී තිබේ.

මේ සම්බන්ධව අවසන් තීරණය මෙම සති අන්තයේදී ගැනීමට නියමිතව ඇත

Previous articleමැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට
Next articleවිමල්ගේ “සඳේ ගින්දර” නවකථාව එළිදැක්වීමට දේශපාලන බාල්දියක් :රජයේ ශ්‍රවණාගාරය දෙන්න බෑ කියලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here