ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සඳහා නඩුව අගොස්තු මස 06 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (05) පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.
මෙහිදී අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශන කරන බවත්, එම භාණ්ඩ වෙනත් අංශ වෙත ලබා දී ඇද්ද යන්න සහ එම භාණ්ඩවල සත්‍යතාවය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවත්, පොලීසිය අධිකරණයට දන්වා තිබේ.
මෙම භාණ්ඩ අස්ථාන ගතව ඇති බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යොමු කළ නිර්නාමික ලිපියක් පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බව එම ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා තිබේ