Home අද 14 වැනි චීන ජාතික මහජන කොන්ග්‍රසයේ සැසිවාරය ඇරඹෙයි ! (PHOTOS)

14 වැනි චීන ජාතික මහජන කොන්ග්‍රසයේ සැසිවාරය ඇරඹෙයි ! (PHOTOS)

19
0

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහි මහජන මහා ශාලාවේදී අද (05) ආරම්භ වී තිබේ.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

සමස්ත චීනයේ සියලුම ජනවර්ගයන්ට අයත් විවිධ ක්ෂේත්‍රවල ජාතික මහජන කොංග්‍රස් නියෝජිතයන් 3,000කට ආසන්න පිරිසක් ඊට එක්ව තිබෙන අතර චීන ජාතික මහජන කොංග්‍රසය චීන රාජ්‍ය පාලනයේ ඉහළම ආයතනයයි. වසර පහක ධුර කාලයක් පවතින ජාතික මහජන කොංග්‍රසය සෑම වසරකම සිය පූර්ණ සැසිය පවත්වයි. මෙවර සැසිවාරයේ දී ද චීන අග්‍රාමාත්‍ය ලී චන්ග් මහතා 2025 රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවට අනුව, 2024 වසරේ චීනයේ ආර්ථික ධාරිතාව ස්ථාවර ව ව්‍යාප්ත වී තිබෙන අතර දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 134.9 දක්වා වැඩි වී ඇති බවත් ආර්ථික වර්ධන අනුපාතය සියයට 5ක් බවත් වාර්තා කර තිබේ. එය ලොව ප්‍රධාන ආර්ථිකයන් අතරින් ප්‍රමුඛ වීම විශේෂත්වයක් බවද චීන ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථිකයට වන දායකත්වය සියයට 30ක මට්ටමක අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිව ඇති බව ද සදහන් වේ.

ඒකාබද්ධ ජාතික වෙළඳපොළක් ගොඩනැගීම, ව්‍යවස්ථාපිත විශ්‍රාම යාමේ වයස ක්‍රමයෙන් ඉහළ නැංවීම ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ පියවර මෙවර හඳුන්වා දී ඇති අතර චීනය නිෂ්පාදන කර්මාන්තයේ විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා ඇති සියලුම සීමාවන් ඉවත් කර තිබෙන බවද සඳහන් වේ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ දී වෙළෙඳ ආයෝජන සහයෝගීතා වැඩි කිරීමටද චීනය මේ වසරේ අපේක්ෂා කරන බව සඳහන් වේ.

2025 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 5% ක වර්ධනයක් අපේක්ෂා කරන බව චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන්වන අතර නාගරික ප්‍රදේශයේ සමීක්ෂණයටලක් විරැකියා අනුපාතය 5.5% ක මට්ටමේ පවත්වා ගැනීම, නව නාගරික රැකියා අවස්ථා මිලියන 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට අපේක්ෂිත බව ද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙන බව වාර්තා වේ

Previous articleට්‍රම්ප්ගේ ගාසා සැලැස්මට ප්‍රතිවිරුද්ධව ආරාබි නායකයින්ගෙන් නව සැලැස්මක්
Next articleජනාධිපති කාර්යාලයේ භාණ්ඩ අස්ථානගතවීම – නඩුව අගෝස්තු 06 කැඳවන ලෙස නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here