Home අද සෙව්වන්දිට මරණ තර්ජන!

සෙව්වන්දිට මරණ තර්ජන!

35
0

පාතාල නායකයකු වූ ගනේමුල්ලේ සංජීව අලුත් කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැති තරුණිය කෙහෙල්බද්දර පත්මෙගේ සහ සංජීවගේ පාතාල කල්ලි දෙකෙන්ම මරණීය තර්ජන එල්ල වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

ගනේමුල්ලේ සංජීව ඝාතන සැලසුමේ සියලු තොරතුරු ඉෂාරා සෙව්වන්දි දැන සිටින බැවින් ඇය පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් එය කෙහෙල්බද්දර පත්මෙගේ පාතාල කණ්ඩායමට විශාල ප්‍රශ්නයක් වනු ඇති බව පොලිසිය පවසයි.

මේ තත්ත්වය මත කෙසේ හෝ ඉෂාරා සෙව්වන්දි ඝාතනය කළ යුතු බව ඔවුන්ගේ සැලසුම වී ඇතැයි පොලිසිය පවසයි.

එමෙන්ම ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඝාතනය කිරීම සඳහා සංජීවගේ පාර්ශ්වයෙන්ද සැලසුම් කර ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව දිවයින පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ වන තෙක් ඉෂාරා සෙව්වන්දි පිළිබඳව නිශ්චිත තොරතුරක් පොලිසියට හෝ ඇයව ඝාතනය කිරීමට බලා සිටින බව කියන පාතාල කණ්ඩායම් වලට සොයා ගැනීමට නොහැකි වී ඇත.

Previous articleතාවකාලිකව වැසුන යාල ජාතික උද්‍යානයයේ මාර්ග කිහිපයක් අද සිට ඇරෙයි
Next articleදෙමළ ජාතික සන්ධානය (TNA) කොළඹ මහ නගර සභාවට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here