ඉන්ධන නොලැබුණොත් ලබන සඳුදා (03) සිට බස්රථ ධාවනය කිරීමට හැකියාවක් නැති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල කල් ගෙවීමට නොහැකි බව පවසන ඒ මහතා බස් රථවලට ඉන්ධන ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
මෙවැනි අවස්ථාවල ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබා දී තිබෙන බව පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා එවැනි ක්‍රමවේදයක් නොතිබුණොත් සඳුදා දිනයේ සිට බස් රථ ධාවනය කිරීමට නොහැකි වනු ඇති බව සඳහන් කළේය.
ප්‍රමාණවත් ඉන්ධන තිබෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද මේ වන විට පවතින තත්ත්වය මත බෙදුම් කරුවන් ඉන්ධන ඇනවුම් නොකළොත් සඳුදා වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.