Home අද සෞඛ්‍ය වෘත්තීය සමිති කළුපටි බඳිති : ආණ්ඩුවට සතියක් දෙයි : ඉන් පසු...

සෞඛ්‍ය වෘත්තීය සමිති කළුපටි බඳිති : ආණ්ඩුවට සතියක් දෙයි : ඉන් පසු වෘත්තීය ක්‍රියාමාර්ග !

14
0

2025 අයවැය යෝජනාවලිය මඟින් සෞඛ්‍ය වෘත්තිකයන් නොසලකා හැරීමට විරෝධය පළ කර අද (24) සිට සියලුම සෞඛ්‍ය වෘත්තීය සංගම් රට පුරා රෝහල්වල කළු පටි පැළඳ සේවයට වාර්තා කිරීමට තීරණයක් ගෙන තිබේ.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව සඳහන් කර සිටියේ සෞඛ්‍ය සේවාවේ ගැටලුවට විසඳුම් සතියක් තුළ ලබා නොදෙන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවය.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියේ ය.

” සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් කියන්නේ පැය 240 දවස් 365ම සේවයේ යෙදෙන පිරිසක්. නිවාඩු හෝ රාත්‍රී කියලා රාජකාරි නොකර ඉන්න බැහැ. අය-වැය යෝජනා මගින් නොසලකා හැරීමෙන් වෙන්නේ මේ ඉන්න සෞඛ්‍ය වෘත්තිකයන් ටිකත් මේක දාල යන එකයි.
මේ තත්ත්වය තුළ වෙන්නේ සෞඛ්‍ය සේවය නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවකට ඇද දැමීමක්.

ආණ්ඩුවට පක්ෂ සමස්ත ලංකා ලේබලයෙන් පෙනී සිටින වෘත්තීය සමිති මේ මොහොතේ තම වෘත්තීය අයිතිවාසිකම් පාවා දෙමින් සාමාජිකයන් අතර දැඩි අප්‍රසාදයට පත් වෙලා. රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය හැටියට සියලු දෙනා සමග එක්ව සිදු කරන සියලුම වෘත්තීය ක්‍රියාමාර්ග වලට සමාන්තරව අපගේ විරෝධය දක්වනවා.”

Previous articleජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා පත් කරයි !
Next articleසිරසේ චන්දන ජනපති මාධ්‍ය උපදේශක කරයි : අනුරුද්ධටත් අධ්‍යක්ෂ ධූරයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here