Home අද ඇමතිවරුන් එපා කියන කොළඹ ඇමති බංගලාවක් අල්ලස් කොමිසමට !

ඇමතිවරුන් එපා කියන කොළඹ ඇමති බංගලාවක් අල්ලස් කොමිසමට !

13
0

කොළඹ පිහිටි ඇමැති බංගලාවලින් එක් බංගලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ පරිහරණය සඳහා බාර දුන් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් පවතින හෙයින් ඔවුන්ගේ ඉල්ලීම අනුව එම කොමිසම අසල පිහිටි ඇමැති නිල නිවාසයක් මෙසේ බාරදුන් බව ලේකම්වරයා පවසයි.

මේ අතර ඇමැති නිල නිවාස තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව ඇති බවත් ඒ පිළිබඳ වාර්තාවක් ලබන සතියේදී බාරදීමට නියමිතව ඇති බවත් සඳහන් කළ ලේකම්වරයා, එම වාර්තාව ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඇමැති මණ්ඩලයෙන් ලැබෙන නියෝග අනුව එම නිවාස සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඇමැතිවරුන්ට වෙන් කෙරුණු නිල නිවාස තිස් පහක් පමණ කොළඹ 7 ප්‍රදේශයේ පවතින අතර නව රජයේ අමාත්‍යවරුන් එම නිල නිවාස ලබා නොගැනීමට දැනටමත් තීරණය කර ඇති බවද වාර්තා වේ

Previous articleපොලිස් නිලධාරින්ගේ සේවය ගැනීම : විනිසුරුවරුන් සහ නීති නිලධාරීන්ට අධිකරණ සේවා කොමිසමෙන් දැනුම්දීමක් !
Next articleකොටහේන ඝාතනයේ මහමොළකරු අත්අඩංගුවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here