Home අද ආණ්ඩුව වෛද්‍යවරුන්ගේ ශ්‍රේණිය පවා හෑල්ලුවට ලක් කරලා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ආණ්ඩුව වෛද්‍යවරුන්ගේ ශ්‍රේණිය පවා හෑල්ලුවට ලක් කරලා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

15
0

මෙවර අයවැයෙන් වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා කප්පාදු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා වූ ඕනෑම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට පූර්ණ සහයෝගය දැක්වීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය තීරණය කළ බව එම සංසදයේ සභාපති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

මෙරට ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයට වත්මන් ආණ්ඩුව මෙවර අයවැයෙන් වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා අඩුකර ඔවුන් කබලෙන් ලිපට ඇද දමා ඇති බව බෙල්ලන මහතා පවසයි.

වෛද්‍යවරුන්ගේ ශ්‍රේණිය පවා හෑල්ලුවට ලක් කරමින් ආණ්ඩුව මෙවර අයවැය සකසා ඇති බවට චෝදනා කරන බෙල්ලන මහතා වෛද්‍යවරු ප්‍රමුඛ රාජ්‍ය සේවකයන් මෙවැනි අපහසුතාවයකට පත් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ තිබී නැති බව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ 80% ක් සහාය ලබා දුන් බවත් අද වෛද්‍යවරු
15 දෙනෙක් පමණ මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන බවත් බෙල්ලෙන මහතා පෙන්වා දෙයි

වැටුප අඩු කිරීමට අමතරව වෛද්‍යවරුන්ගේ අමතර සේවා දීමනාව මූලික වැටුපෙන් 80 න් එකක් වශයෙන්ද නිවාඩු දීමනාව මූලික වැටුපෙන් 20 න් එකක් වශයෙන්ද මෙතෙක් පැවැති අතර වත්මන් ආණ්ඩුවේ අයවැය ලේඛනය මගින් එම දීමනාව 120 න් එකක් වශයෙන්ද 30 න් එකක් වශයෙන්ද අඩුකර ඇති බවට රුක්ෂාන් බෙල්ලන මහතා චෝදනා කරයි.

වෛද්‍යවරුන්ට සිදු කර තිබෙන මෙම අසාධාරණ ක්‍රියාව වහා නිවැරදි කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර වලට යෑමට සිදුවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Previous articleපොලිස් ආරක්ෂාව ඉල්ලන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් : ආණ්ඩුවේ කවුරුත් ඉල්ලන්නේ නෑ – ආනන්ද විජේපාල
Next articleමම Vitz කාර් ගැන කිව්වේ නෑ – එය සම්පූර්ණ කෙප්පයක් සහ අසත්‍යයක් – නලින් හේවගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here