Home අද පොලිස් ආරක්ෂාව ඉල්ලන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් : ආණ්ඩුවේ කවුරුත් ඉල්ලන්නේ නෑ –...

පොලිස් ආරක්ෂාව ඉල්ලන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් : ආණ්ඩුවේ කවුරුත් ඉල්ලන්නේ නෑ – ආනන්ද විජේපාල

39
0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් පමණක් පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු මෙතෙක් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් සිදු කර නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ ගැන අවසන් තීරණයක් ගැන නැතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ඉල්ලීම් කර ඇති මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් කර ඒ පිළිබඳ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කැඳවා ඇති බවද අමාත්‍යවරයා පවසයි .

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස හා ඔවුන් සහභාගි වන උත්සව සඳහා පොලිස් ආරක්ෂාව යෙදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇත.

Previous articleඅපේ අයගේ වැරදි හරි කියන්න අපි උත්සහ කරන්නේ නෑ – හේවගේට අගමැතිනියගේ විරෝධය
Next articleආණ්ඩුව වෛද්‍යවරුන්ගේ ශ්‍රේණිය පවා හෑල්ලුවට ලක් කරලා – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here