Home අද කොටහේන ඝාතනයේ මහමොළකරු අත්අඩංගුවට !

කොටහේන ඝාතනයේ මහමොළකරු අත්අඩංගුවට !

15
0

කොටහේනේ ජංගම දුරකතන වෙළෙඳසැලක හිමිකරු ඝාතනය කිරීමේ සැලසුම මෙහෙයවූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ පෙදෙසේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මෝදර පදිංචි 28 හැවිරිදි අයෙක් බවත් මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සමීප සබඳතා පවත්වමින් ඔහුගේ උපදෙස් මත මෙරට අපරාධ මෙහෙයවන්නෙක් බවද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 21 වෙනි දින රාත්‍රියේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ජංගම දුරකථන උපාංග වෙළඳසලට කඩා වැදී එහි හිමිකරු වූ කොළඹ 14 ස්ටේට් පාර පදිංචිව සිටි ශෂී කුමාර් නමැති 38 හැවිරිදි පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර පලායමින් සිටියදී ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.

Previous articleඇමතිවරුන් එපා කියන කොළඹ ඇමති බංගලාවක් අල්ලස් කොමිසමට !
Next articleහරිනිට තවත් තනතුරක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here