Home අද පාර්ලිමේන්තු කාරක සභා සඳහා විපක්ෂයේ නියෝජනය වැඩි කිරීමේ සාකච්ඡාවක් !

පාර්ලිමේන්තු කාරක සභා සඳහා විපක්ෂයේ නියෝජනය වැඩි කිරීමේ සාකච්ඡාවක් !

12
0

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩිකිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින ලද කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ.

කථානායක ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මෙම රැස්වීමට අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ද එක්ව තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම පිළිබඳව පසුගිය 19 වන දින කථානායකවරයා විසින් සභාවට නිවේදනය කරන ලද තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් මෙම කරුණු පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය සභානාවරයා විසින් කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබූ අතර එම ලිපිය මෙහිදී සභාවට කියවන ලදී.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් කාරක සභාවල විපක්ෂයේ සංයුතිය තවදුරටත් වැඩිකිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් පිළිබඳව සාධනීය ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ රජයේ තීරණය ඉතා කඩිනමින් ලබා දෙන බව ද සභානායකවරයා මෙම රැස්වීමේදී වැඩිදුරටත් පොරොන්දුවී ඇත.

කෙසේ වුවත් පාර්ලිමේන්තු කාරක සභා සඳහා විපක්ෂය වෙත නිසි නියෝජනයක් නොදීමට ජාතික ජනබලවේගය ආණ්ඩුව කටයුතු කිරීමත් සමඟ මුදල් කාරක සභාව ඇතුළු කිහිපයක හැර අනෙක් සියලු කාරක සභා සඳහා නියෝජිතයන් නම් නොකර වර්ජනය කිරීමේ පොදු එකඟතාවක විපක්ෂයේ සියලු පක්ෂ පසුවෙයි.

Previous articleරෝහිණී මන්ත්‍රීවරියට අපහාස කරමින් නි.ඇ. නලින් හේවගේ මාලිමාවේ දැලි ගායි !
Next articleවෛද්‍යවරු රට හැර ගියොත් රෝහල්වල වැඩ ඇමතිවරු භාරගත යුතුයි – GMOA අනතුරු ඇඟවීමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here