Home අද රෝහිණී මන්ත්‍රීවරියට අපහාස කරමින් නි.ඇ. නලින් හේවගේ මාලිමාවේ දැලි ගායි !

රෝහිණී මන්ත්‍රීවරියට අපහාස කරමින් නි.ඇ. නලින් හේවගේ මාලිමාවේ දැලි ගායි !

19
0

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නට අපහාසයක් වන ආකාරයෙන් හිතාමතාම පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදය අවස්ථාවේ නියෝජ්‍ය ඇමති නලින් හේවගේ විසින් ඉතාම අශෝභන ලෙස රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ නම විකෘති කරමින් අදහස් දැක්වූ අතර, ඊට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා දැඩි විරෝධයක් පළකර සිටියේය.

එහිදී මූලාසනයේ කතානායකවරයා නොසිටි නමුත් හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා මූලාසනයේ සිටි මන්ත‍්‍රීවරයා ගෙන් ඉල්ලා සිටියේ එකී අශෝභන කතා කොටස හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

නමුත් මූලාසනයේ සිටි මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධව සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව පවසා සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට උත්සාහ කළද හර්ෂ මන්ත‍්‍රීවරයා ඊට එරෙහිව අදහස් දැක්වීය.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ හර්ෂ මන්ත‍්‍රීවරයා විසින් නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ට ඔහු කළ ප්‍රකාශයේ අශෝභන බව තේරුම් ගැන්වීමට උත්සාහ කළත් එය පිළිනොගෙන දිගින් දිගටම අශෝභන වචන පෙළ සාධාරණීකරණය කිරීමට කටයුතු කිරීමය.

එහිදී මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊට දැඩිව විරෝධය පළ කිරීමත් සමග සභාව උණුසුම් විය. නලින් හේවගේ අමාත්‍යවරයා සිය ස්ථාවරයේ සිටිමින් දිගින් දිගටම අදහස් දැක්වුවද අවසානයේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ නියෝජ්‍ය ඇමති කී කතාව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට එකගතාව පළ කළේය. ඒ අනුව මූලාසනයද අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කිරීමට පියවර ගත්තේය.

Previous articleඒ හීනෙත් කුඩු – වාහන ආනයන බදු අඩුවීමක් ගැන කිව්වේ : මුදල් නියෝජ්‍ය ඇමතිට වැරදිලා !
Next articleපාර්ලිමේන්තු කාරක සභා සඳහා විපක්ෂයේ නියෝජනය වැඩි කිරීමේ සාකච්ඡාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here