Home අද ගනේමුල්ල සංජීව ඝාතනය : සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ගේ ජංගම දුරකතනයේ තිබූ...

ගනේමුල්ල සංජීව ඝාතනය : සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ගේ ජංගම දුරකතනයේ තිබූ දේ මෙන්න !

50
0

ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශන වලදී සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයේ වෙඩි තැබීමට යොදා ගත් ගිනිඅවියේ ඡායාරූප මකා දමා තිබියදී සොයා ගෙන තිබේ.

ඊට අමතරව තවත් පිස්තෝල අවියක ඡායාරූපද එහි තිබියදි විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකාර කොස්පාතල්වරයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදි මේ වන විට අතුරුදන්ව සිටින ඝාතන සිදුවීමට සහාය වූ සැකකාරියට අයත් බවට හඳුනාගෙන තිබූ දුරකථන අංක එම පොලිස් නිලධාරියාගේ ජංගම දුරකථනයේ අන්තර්ගතව තිබූ බවත් දුරකථනය වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඡයාරූප ඇතුළත් ගැලරියේ ඇති ඡයාරූප මකා දමා ඇති බවටත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමට වෙඩික්කරු භාවිත කරන ලද රිවොල්වරයේ ඡායාරූප සහ තවත් පිස්තෝල අවියක ඡායාරූප තිබියදී සොයාගෙන තිබෙන්නේ ඒ අනුව සිදුකළ විමර්ශන වලදී ය.

මේ සම්බන්ධව සැකකාර කොස්තාපල්වරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි එම ඡායාරූප අතුරුදන්ව සිටින සැකකාරිය විසින් සති කිහිපයකට පෙර ඔහුට එවූ බවට අනාවරණය කරගෙන ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි .

සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය සමඟ සබඳතා පැවැත්වූ මීගමුව පොලීසියට අනුයුක්ත සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමේන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගැණින.

පසුගිය 19 වැනි දින පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී නීතීඥවරයෙකුගේ වෙස් ගෙන පැමිණි අයෙකු විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි.

පසුව සැකකරු විසින් එම ගිනි අවිය එම ස්ථානයේ දමා පළාගොස් තිබුණි.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූයේ අධිකරණ භූමිය තුළට ගිනි අවිය සඟවාගෙන ගෙනවිත් ඇත්තේ ගිනි අවියේ ප්‍රමාණයට ඇතුළත පිටු කපා කුහරයක් සේ සකස් කරන ලද නීති පොතක් ආදාරයෙන් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මූලික විමර්ශන ආරම්භ කළ අතර වැඩබලන පොලිස්පතිවරයා ගේ නියෝග පරිදි ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා සිදුකරන බව අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කෙරිණි.

වෙඩික්කරු බව කියන මහරගම දඹහේන ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා කොමාන්ඩෝ සෙබලෙකු වන සමිඳු දිල්ශාන් පියුමංග කඳනආරච්චි නම් තැනැත්තෙකු එදිනම පැය 8කට පසු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීය.

මෙම අපරාධයට මූගමුව කටුවැල්ලේගමපාර ලිපිනයේ පදිංචි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන කාන්තාව ගිනි අවිය රැගෙන ආ බව හෙළිව තිබුණේද සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමෙන් අනතුරුව එම වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ය.

මේ වනවිට අතුරුදන්ව සිටින එම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇති බවද වාර්තා වෙයි .

සිද්ධිය සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Previous articleවැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ගේ ධූර කාලය දීර්ඝ කෙරේ !
Next articleජනපතිගේ නියෝග සත පහකට ගණන් නොගෙන පාතාලයන් වැඩදායි : මීගමුවේදී මහ දවාලේ වෙඩිතැබීමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here