Home අද දැඩි පරීක්ෂාකිරීම් හමුවේ අලුත්කඩේ උසාවියේ දිගු පෝලිම් !

දැඩි පරීක්ෂාකිරීම් හමුවේ අලුත්කඩේ උසාවියේ දිගු පෝලිම් !

25
0

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ සංකීර්ණවල ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කිරීමත් සමඟ ඊයේ සහ අද දෙදින තුළම අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළුවීමේදී ඉතා දීර්ඝ පෝලිම් ඇතිව තිබේ.

ඒ අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන සියලු දෙනාම දැඩි පරීක්ෂාවකට ලක්කිරීම හේතුවෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට ඇතුළුවන සියලුම නීතිඥවරුන් සහ පුද්ගලයන් පිවිසුමේ සවිකර ඇති විශේෂ පරීක්ෂණ යන්ත්‍රය (ස්කෑන් යන්ත්‍රය) හරහා ගමන් කිරීම සිදුකළ යුතු බවත් අධිකරණ සංකීර්ණයට පැමිණෙන සියලුම නීතිඥවරුන් සහ පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක්කිරීමටත් පියවර ගෙන තිබේ.

අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති අතර, අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගන්නා පියවර සඳහා අවශ්‍ය සියලු සහය දීමට නීතීඥ සංගමය එකඟතාව පළ කර ඇති බවද වාර්තා වේ.

අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව සඳහා ගන්නා පියවර සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස අභියාචනාධිකරණ ලේඛකාධිකාරි සංජීව ප්‍රනාන්දු මහතා සියලුම නීතිඥවරුන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

Previous articleජා – ඇල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට
Next articleවාහන මිලදී ගන්නේ බලාගෙනයි – දින වෙනස් කර ගෙන්වූ පරණ වාහන වෙළෙඳපොලේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here