කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ් පටලේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවාදියෙකි. එෆ්.බී.අයි. ප්‍රධානියා ලෙස එම ධුරයට ට්‍රම්ප් විසින් ඔහු නම් කර තිබෙන අතර සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිව තිබේ.
ඊයේ (20) පැවැති ඡන්ද විමසීමේදී 51-49 ක් ලෙස කාෂ් පටෙල්ට පක්ෂව වැඩි ඡන්ද 02ක් හිමිව තිබෙන අතර ඒ අනුව කාෂ් පටෙල් ඉන්දියානු සම්භවයක් ඇති පළමු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කාෂ් පටෙල් උපත ලබා ඇත්තේ 1980 වසරේ වන අතර ඔහුගේ මව සහ පියා ගුජරාඨ වැසියන්ය. ඇමෙරිකාවට පැමිණීමට පෙර, පටෙල් හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේය.
පටෙල්, එක්සත් රාජධානියේ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් නීති විද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ගෙන ඇති අතර ඔහු ජාතික ආරක්ෂක උපදේශක සහ බුද්ධි තොරතුරු පිළිබඳ ස්ථීර තේරීම් කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ලෙස ද කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත