Home අද තුර්කියෙන් බිත්තර ආනයනයට පියවර

තුර්කියෙන් බිත්තර ආනයනයට පියවර

36
0

ඇමෙරිකාවේ හටගෙන ඇති බිත්තර හිඟය හේතුවෙන් තුර්කියෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකාව පුරා පැතිරයන කුරුළු උණු රෝගය හේතුවෙන් බිත්තර නිෂ්පාදනය අඩාල වී ඇති අතර වෙළෙඳපොළේ දැවැන්ත බිත්තර හිඟයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

එටමන්ම පසුගිය සතියේ දී එරටින් ඉතිහාසයේ වැඩිම බිත්තර මිලද වාර්තා වූ අතර බිත්තර 12ක වටිනාකම සටහන් වූයේ ඩොලර් 4.95ක් ලෙසයි.

පසුගිය වසරේ දී බිත්තර 12ක මිල සටහන්වී ඇත්තේ ඩොලර් දෙකක් ලෙසයි.

බිත්තර හිඟය හා අධික මිල හේතුවෙන් මෙලෙස තුර්කියෙන් බිත්තර මිලදී ගැනීමට ඇමෙරිකාව පියවරගෙන ඇති අතර ඒ සඳහා තුර්කිය ද සිය කැමැත්ත පලකොට තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleIMF සිව්වන වාරිකය ලංකාවට දෙනවාද ? තීරණය 28 වන දා
Next articleහැප්පිලා බලමුත් කිව්වා : අධිකරණ බිමේදීම ගනේමුල්ල සංජීව ඝාතනය කරයි ! (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here