Home අද ඩේලි මිරර් වගකීම් විරහිතයි කියමින් : ආසියාවේ රිදී සීනුව යළි නාදවෙයි !

ඩේලි මිරර් වගකීම් විරහිතයි කියමින් : ආසියාවේ රිදී සීනුව යළි නාදවෙයි !

640
0

” ඔබේ අසත්‍ය සහ වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මම කණගාටුවට පත් වන්නෙමි!” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි සඳහන් කරයි.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර තිබෙන්නේ (18) සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමිනි.

මෑතකදී මාධ්‍ය වෙත කරන ලද මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි හට මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී තිබෙන බව ඩේලි මිරර් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.

“මට කණගාටුයි, මාධ්‍ය වෙත කතා නොකරන ලෙස පක්ෂයෙන් මට උපදෙස් දී ඇති බැවින් මට මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ කළ නොහැකියි,” යනුවෙන් මන්ත්‍රීවරිය සඳහන් කළ බවද එම පුවතේ දැක්විණ.

එහි වැඩිදුරටත් සඳහන් ආකාරයට පානදුර කෙසෙල්වත්ත, ගිම්පත හි පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර ඉරිදා (16) මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඇය මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරිය සිය විරෝධය දක්වා තිබෙන්නේ මෙකී පුවත් වාර්තාව සම්බන්ධව විය යුතුය.

දෛවයේ සරදම නම් දැනුවත්ව බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව පැවසූ මන්ත‍්‍රීවරියද නිලන්ති කොට්ටහච්චි වීමය.

කෙසේ වුවත් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබූ ආකාරයට පක්ෂය විසින් ඇගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කර නොමැති බවක් ෆේස්බුක් සටහනේද සඳහන් කර නොමැත.


ආසියාවේ රිදී සීනුව ටිල්වින් නිහඬ කරයි – නිලන්ති කොට්ටහච්චි මැතිණියට පක්ෂයෙන් මාධ්‍ය වාරණයක්

Previous articleමාස 6 න් හයට දෙනවා කියූ ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීම කෝ ? දුමින්ද අහයි !
Next articleවිදුලි විසන්ධි වීමට හේතුව වඳුරා කියන්න එපා – ඇමති නලින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here