Home අද සමගියේ අභ්‍යන්තර අර්බුද එජාප සාකච්ඡා බිඳ දමයි

සමගියේ අභ්‍යන්තර අර්බුද එජාප සාකච්ඡා බිඳ දමයි

51
0

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ.

එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡා පසුගියදා ආරම්භ වූ අතර ඒ අනුව සාකච්ඡා වට කිහිපයක් පැවැතියත් මේ වන විට එම සාකච්ඡා අතරමග නතර වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ සිය පක්ෂය තවමත් සාකච්ඡාවලින් ඉවත් වී නොමැති බවයි.
මේ අතර සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද මෙම පක්ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ඡාවලින් පසුගියදා ඉවත් වූ අතර ඔහු පැවසුවේ සිය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් තමන් මෙම සාකච්ඡාවලින් ඉවත් වන බවයි.

Previous articleකුහකයන් අයවැය විවේචනය කරනවා : නි.ඇ. මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී රටටම කියයි !
Next articleමාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීලා සහභාගී වූ රැස්වීමකදී මහවැලි ඉඩම් පුද්ගලික සමාගමකට දීමට ගත් තීරණයට දැඩි ජනතා විරෝධයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here