Home අද රාජ්‍ය සේවකයන්ව රවට්ටලා කනටත් ගැහුවා වගේ වැඩක් : වෘත්තීය සමිති අයවැය අගයයි...

රාජ්‍ය සේවකයන්ව රවට්ටලා කනටත් ගැහුවා වගේ වැඩක් : වෘත්තීය සමිති අයවැය අගයයි !

182
0

ජනාධිපති අනුර දිසානායක ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසරට අදාළ අයවැය රාජ්‍ය සේවකයින් නව රජය කෙරෙහි තැබූ විශ්වාසය බිඳදැමූ සහ රැවටිලි සහගත අයවැය ක් බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළ අතර රුපියල් 20000ක වැටුප් වැඩිකිරීමේ අරගලයට නායකත්වය ලබාදුන්නේ ද වත්මන් පාලකයන් බවත් ඔවුන් බලය ලබා එම පොරොන්දුව ඉටුනොකිරීම රාජ්‍ය සේවකයන්ට එල්ල කළ කනේ පහරක් බවත් සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවේය.

“රජයේ පළමු අයවැය ගැන ඉතා බලාපොරොත්තු සහිතව තමයි රාජ්‍ය සේවකයින් අයවැයට කන් දුන්නේ. නමුත් රාජ්‍ය සේවකයින් ඉතාමත් කලකිරීමකට පත් වන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.
රාජ්‍ය සේවකයින් රවටන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.රාජ්‍ය සේවකයින් පසුගිය කාලවල පාරට බැහැල එක හඩින් කිව්වේ රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන්න කියලා. ඒ අරමුණ ඉටු කර ගන්න තමයි රාජ්‍ය සේවකයින් බහුතරයක් මේ ආණ්ඩුව පත් කර ගන්න මූලිකත්වය ගත්තේ.

රුපියල් 20,000 ක වැටුප් වැඩි කර ගැනීමේ අරගලවලට නායකත්වය දුන්නෙත් මේ පත් වෙලා ඉන්න ආණ්ඩුවමයි. ඒ රාජ්‍ය සේවකයින්ගේ බලාපෙරොත්තු අද සුනු විසුණු කරල දැම්මා. මේක රාජ්‍ය සේවකයින්ට ගැසූ බරපතල කණේ පාරක් හැටියයි අපි දකින්නේ.

රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා වැඩි කරනව කිව්වා. අපි හිතුවේ ඒක ජනවාරි මාසයේ ඉඳලම වැඩි කරලා හිඟ වැටුපත් එක්ක ලැබෙයි කියලා. එහෙම වැඩි වුනත් වැඩි වෙන්නේ 15,750 කින් ඒකත් දාල තියෙනවා 2027 වසර වෙනකම්. රාජ්‍ය සේවකයින්ට උඩ බලාගෙන ඉන්න වෙනවා මේ 15,750 ගන්න 2027 වෙනකල්.

ඒ වගේම රාජ්‍ය සේවකයින්ට එල්ලල තිබුණා රුපියල් 7,500 ක් මේකටත් තට්ටු කරල දාල තියෙනවා.ඒකත් එකතු කරල තමයි මේ 15,750 හදල තියෙන්නේ.ඒ අනුව රාජ්‍ය සේවකයින්ට හම්බ වෙන්නේ ඉතාමත් සොච්චම් වැටුප් වැඩි වීමක්. මේක රාජ්‍ය සේවකයින් කිසි සේත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි.

රාජ්‍ය සේවකයින් අන්දලා තියෙනවා ලොවෙත් නැති විදිහටම. මේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළා කියල අපි පිළිගන්නේ නෑ. ඒ නිසා රුපියල් 25,000 කට වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයිකයින්ට අවශ්‍ය වෙනවා.එහෙම නොවුනොත් අපිට අරගලවලට යන්න සිද්ධ වෙනවා කියලා අපි අනතුරු ඇඟවීම් කරල තිබ්බා.

මේක මිට පෙර අරගල කරල රනිල් වික්‍රමසිංහ අපි ආණ්ඩුවට පවසපු දේ. ඒ නිසා මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම අවබෝධයක් තියාගෙන තමයි මේ විදිහට රාජ්‍ය සේවකයින් නොමඟ යවල තියෙන්නේ.”

Previous articleඅසත්‍ය ප්‍රකාශ සිදුකරලා – විපක්ෂ නායකට අධිකරණයෙන් මැතිවරණ තහනමක් !
Next articleකුහකයන් අයවැය විවේචනය කරනවා : නි.ඇ. මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී රටටම කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here