පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර ඡන්දයෙන් අද (17 ) සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187 ක් ලැබුණ අතර විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමක් සිදු නොවිණි.
පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය අද සවස 07 ට අවසන් වූ අතර එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසි දෙදෙනෙකුට ආසන්න පිරිසක් විවාදයට එක්වෙමින් අදහස් පළ කළහ.
මෙම පනත් කෙටුම්පතට කතානායක වරයාගේ අභිමතය සටහන් කිරීම අද හෝ හෙට සිදු කිරීමට නියමිතව ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බලාත්මක වීමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරනු ඇති බව එම කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.