Home අද අයවැය කතාවේදී ජනපති අදානි ව්‍යාපෘතිය දැඩිව විවේචනය කරයි

අයවැය කතාවේදී ජනපති අදානි ව්‍යාපෘතිය දැඩිව විවේචනය කරයි

285
0

බලශක්ති ක්ෂේත්‍රය නැංවීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම අවශ්‍ය නමුත් සුළං විදුලි බලාගාරයකින් ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 8.26 ක් වැනි මුදලකට මිලදී ගැනීම කිසිසේත් සාධාරණ නොවන බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කළේය.

ඉතිහාසයේ පළමු වතාවට මෙගා වොට් 50ක සුළං විදුලි බලාගාරයකින් ඒකකයක් මිලදී ගන්නා අඩුම මිල වන ඇමරිකානු ඩොලර් ශත 4.65ක මුදලකට ගිවිසුම් ගතවූ බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර දිසානායක අද (17) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළ අතර ඒ 2025 සඳහා වන අයවැය ඉදිරිපත් කරමිනි.

“බලශක්ති ක්ෂේත්‍ර යේ ආයෝජනයට රජය අඛණ්ඩව කටයුතු කරන බවත්, අවම පිරිවැයකින් යුත් බලශක්ති ආයෝජන සඳහා අපි අවස්ථාව දෙනවා.රට කුමක්ද සමාගම කුමක්ද කියා අපි සලකන්නේ නෑ.” කියාද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මෙහිදී සුළං විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 8.26ක මිලදී ගැනීමට තිබූ සූදානම ලෙස ජනාධිපතිවයා සඳහන් කර සිටියේ, ඉන්දීය රජයේ ඉල්ලීම මත ගෝඨාභය රාජපක්‍ෂ පාලන සමයේ මෙරටට පැමිණි, මෙගා වොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ඉන්දිය අදානි සමාගමේ ඩොලර් බිලියන 1ක ආයෝජනය සම්බන්ධවය.

කෙසේ වුවත් පසුගියදා ඉන්දීය අදානි සමාගම එකී ආයෝජනය හකුළාගෙන ඉවත් වූ අතර ඒ සම්බන්ධව ආන්දෝලනාත්මක ලිපියක්ද ලංකා ආයෝජන මණ්ඩලය වෙත යොමුකර තිබිණ.

ඉතිහාසයේ අඩුම මිලට සුළං විදුලි ඒකකයක් මිලදී ගැනීමට තම පාලනය යටතේ හැකිවූ බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ ප්‍රසම්පාදන කමිටුව සහ අභියාචන කමිටුවේ ප්‍රතික්ෂේප කිරීම නොතකා කැබිනට් අනුකමිටුවක අනුමැතිය ඇතිව මෙරට කෝටිපති ව්‍යාපරික ධම්මික පෙරේරා වෙත ලබාදුන් සුළං විදුලි බලාගාර ටෙන්ඩරය සම්බන්ධවය.

මෙය අතිශයින් දූෂිත ගනුදෙනුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.

Previous articleවිදායකයෙන් ව්‍යවස්ථාදායකට නව පනත් කිහිපයක්!
Next articleරාජ්‍ය – පෞද්ගලික අංශ වල වැටුප් වැඩිවෙන හැටි මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here