Home අද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් එකතුකරපු හේතුව මෙන්න

හමුදා සෙබළුන්ගේ පාස්පෝට් එකතුකරපු හේතුව මෙන්න

41
0

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විදෙස්ගමන් බලපත්‍ර යුද්ධ හමුදාව භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් යුදහමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ.

යුද හමුදා මුලස්ථානය මඟින් නිකුත් කර ඇති පරිපාලන නියෝගයක් පිළිබඳව පැතිර යන විවිධ අර්ථකථන සම්බන්ධයෙන් නිවැරදි කරුණු දැක්වීමක් සිදුකරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්.

– උපුටාගැනීම –

මෙය හුදෙක්ම යුද්ධ හමුදාව තුළ අන්තර් පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ගත් පරිපාලනමය ක්‍රියාමාර්ගයකි. ඒ අනුව යුද්ධ හමුදාවේ මේජර් සහ ඉන් පහළ අයවළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඔවුන් අයත් රෙජිමේන්තු යටතේ තබාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත. බොහෝ විට යුද්ධ හමුදාව වෙතින් ඉහත සඳහන් නිලයන්ට අයත් අයවළුන් විදෙස් පුහුණුවීම් සහ සාමසාධක රාජකාරි සඳහා නිරන්තරයෙන් යොමුකරවන අතර, එම අවස්ථාවන් සඳහා වන පරිපාලන කටයුතු වෙනුවෙන් තත් අයවළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඉතා කඩිනමින් ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතරම, එවායේ වලංගුභාවය හා නිවැරදිභාවය තහවුරු කිරීම වැදගත් වේ.

නමුදු ඉහත බොහෝ අයවළුන් රාජකාරි කරනු ලබන්නේ ඉතා දුර බැහැර ප්‍රදේශ වල වන බැවින් හා ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තම නිවෙස් වල තිබීම හේතුවෙන් ඉතා කඩිනමින් එම ගමන් බලපත්‍ර යුද්ධ හමුදා මුලස්ථානය වෙත ඉදිරිපත් කිරීමට ඔවුන් හට අපහසු වන අතර, ඒ හේතුවෙන් යුද්ධ හමුදා මුලස්ථානය හටද විවිධ පරිපාලනමය ගැටළුවලට මුහුණපෑමට සිදු වේ.

එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් තත් උපදෙස් නිකුත් කර ඇති අතර, එමගින් එම ගුවන් ගමන් බලපත්‍රවල ආරක්‍ෂාවද සුරක්‍ෂිත වන අතරම, පරිපාලන කටයුතු විධිමත්ව සිදුකිරිමට පහසුවේ.

කෙසේ නමුදු අවැසි ඕනෑම අවස්ථාවක තම විදේශ ගමන් බලපත්‍රය පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ලබාගැනීමට එම සාමාජිකයින් හට අවස්ථාව ලබාදී ඇත.

– උපුටාගැනීම අවසන් –

Previous article“හරි හරි අපි වෙලාවක බලමු” – මහින්ද ගිය ආරාමයේ දොර වැහුන මහින්ද කියයි
Next articleනලින්දගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට වාහන සමඟ ඉන්ධන දන්සලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here