Home අද මහ මෝල්ලු සලිත වෙයි : රජය වී කිලෝ 675ක් මිලට ගනියි !

මහ මෝල්ලු සලිත වෙයි : රජය වී කිලෝ 675ක් මිලට ගනියි !

122
0

වත්මන් රජය විසින් සහල් මිල පාලනය සඳහා කියමින් වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට තීරණය කර ඇති අතර ඒ යටතේ මේ වන විට වී කිලෝ 675 ක් මිලදීගෙන ඇති බව වාර්තා වෙයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද සඳහන් කරන්නේ රජයේ සහතික මිල යටතේ මෙම වී තොගය මිලට ගත් බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

තවමත් වැඩි වශයෙන් වෙළඳපොළට වී අස්වැන්න පැමිණ නැති අතර ඉදිරියේ වැඩි වැඩි වශයෙන් අස්වැන්න පැමිණෙන විට රජයේ ගබඩා කරාද ගොවීන් වී ගෙන එනු ඇති බවට විශ්වාස කරන බවද ඔහු පැවසීය.

මේ අතර රජයේ සහතික මිලට පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියකු විසින් අලෙවි කර තිබුණේ තිස්සපුර වී ගබඩාවට වන අතර ඒ වී කිලෝ 650ක තොගයකි.

Previous articleඅධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුට්ටු දෙකේ වැඩක් : ආචාර්‍ය රංවල යළිත් කරළියට !
Next articleසංගණනයක් සඳහා රිළා දිනයක් – කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here