Home අද සපුගස්කන්ද නවීකරණයට ආයෝජකයෙක් සොයන්න කැබිනට් අනුමැතිය !

සපුගස්කන්ද නවීකරණයට ආයෝජකයෙක් සොයන්න කැබිනට් අනුමැතිය !

84
0

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීම සහ එම පරිශ්‍රය තුළම ඉදිකිරීම, මෙහෙයුම් හා පැවරීම (BOT) පදනම මත දිනකට බැරල් 100,000ක ධාරිතාවකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මූල්‍ය සම්පාදක/ ආයෝජකයින් හඳුනා ගැනීම සහ තෝරා ගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත්, සුදුසුකම් සපුරන ආයතන වෙතින් යෝජනා කැඳවීමටත් බල ශක්ති අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව, 2022 වර්ෂයේදී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව සුදුසු ආයෝජන හවුල්කරුවෙකු හඳුනා ගැනීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවය යන දෙඅංශයෙන්ම යුතුව සපුගස් කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවිධ ප්‍රයත්නයන් දරා ඇති නමුත්, ඒවා සාර්ථක වී නොමැත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අවස්ථා කිහිපයකදී සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව නවීකරණය කිරීමට වඩා එම ප්‍රදේශයේ වානිජ ඉඩම් වටිනාකම ඉහල බැවින් වෙනත් ප්‍රදේශයක හෝ නව පිරිපහදුවක් ඉදිකිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර තිබිණ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවෙන් වෙන්ව වෙනම රාජ්‍ය ව්‍යවසායක් ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්ථාපිත කර සුදුසු උපායමාර්ගික ආයෝජන හවුල්කරුවෙකු හඳුනා ගැනීම සඳහාත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබිණ .

Previous articleවැටුප පක්ෂ අරමුදලට දෙන කතානායක පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්නේ කොහොමද? – දයාසිරි ප්‍රශ්න කරයි
Next articleමාලිමාවේ තවත් බොරුවක් තහවුරුයි : නව EPF කළමනාකරණ පද්ධතියකට අනුමැතිය ලැබෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here