Home අද ශානිට සහ තල්දූව ට පොලිසියේ අලුත් වැඩක් බාරදෙයි !

ශානිට සහ තල්දූව ට පොලිසියේ අලුත් වැඩක් බාරදෙයි !

61
0

ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කටයුතු කරන අතර නියෝජ්‍ය පොලිස්පති ‍ලෙස නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව පත්කර තිබේ.

ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන ගොනු, විමර්ශන සිදුවීම් විශාල වශයෙන් ඇති බවත් එම විමර්ශනයන් සඳහා යම් කාලයක් ගතවනු ඇති බැවින් ඒ සඳහා ගතවන කාලය අවම කර ගැනීමටත් කාර්යක්ෂම ව ක්‍රියාත්මක කරගැනීමටත් මෙහි අරමුණ බව සඳහන් ය.

එමෙන්ම පසුගිය කාලයේදී සිදුවූ මූල්‍යමය අපරාධ, රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපල අවභාවිතාව නොයොකුත් වංචනික ක්‍රියාවන් විමර්ශන කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා ද මෙම ඒකකය ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසේ.

Previous articleප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් කල් දමයි – සටන් විරාමය බිඳ වැටෙන ලකුණු
Next articleජනපති අනුර මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු වැදගත් හමු කිහිපයක !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here