Home අද ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මාඕවාදී කැරලිකරුවන් 31 ක් මරුට!

ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රහාරවලින් මාඕවාදී කැරලිකරුවන් 31 ක් මරුට!

58
0

ඉන්දියාවේ – චත්තිස්ගාර් ප්‍රාන්තයේ කැලෑබද ප්‍රදේශවලදී ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මාඕවාදී කැරලිකරුවන් 31 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී ඇති වූ වෙඩි හුවමාරු වලදී ඉන්දීය කොමාන්ඩෝ භටයින් දෙදෙනෙකු මියගොස් ඇති බවත් කැරලිකරුවන් සතුව තිබූ අවි ආයුධ කිහිපයක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙන බවද විදෙස් වාර්තා දක්වා තිබේ.

දුප්පතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් වසර ගණනාවක් සටන් වදින මාඕවාදීන්ගේ කැරැල්ල ලබන වසරේදී අවසන් කිරීමට අපේක්ෂ කරන බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

Previous articleහිටපු ඇමති කංචනගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි !
Next articleහිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here