Home අද යාපනය විශ්වවිද්‍යාලයේ ගැටුමක් – දෙදෙනෙකුට තුවාල

යාපනය විශ්වවිද්‍යාලයේ ගැටුමක් – දෙදෙනෙකුට තුවාල

57
0

යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග අනුව වාර්තා වේ.

විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ හා සිව්වන වසරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඊයේ (09) සවස ගැටුම හටගෙන තිබේ.

ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Previous articleතෝරයායේ මාරක බස් අනතුරක් – 04 ක් මරුට
Next articleපොලීසියේ ඉහළ පුටු මාරුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here