Home අද රටටම විදුලිය නැතිවීමට හේතුව වඳුරාද? පසුගිය රජයද..? – ඇමැති හෙළිකරයි

රටටම විදුලිය නැතිවීමට හේතුව වඳුරාද? පසුගිය රජයද..? – ඇමැති හෙළිකරයි

173
0

වඳුරකු නිසා රටේම විදුලිය බිඳවැටුණ බව උදේ ප්‍රකාශ කළ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සවස ප්‍රකාශ කලේ පසුගිය රජයේ සැලසුම් රහිතකම හා අධූරදර්ශී වැඩපිළිවෙළ නිසා විදුලිය බිඳ වැටීමට හේතු වූ බවයි.

අද (09) පෙරවරු 11.15 ට පමණ රටේම විදුලිය බිඳ වැටි සුළු වේලාවක් ගතවෙන විට බලශක්ති අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ විදුලිය බිඳවැටීමට හේතුව පානදුර ග්‍රීඩ් උප පොළෙහි ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය බවය.

නමුත් ඊට පැය කිහිපයකට පසු නිවේදනයක් නිකුත් කරන ඇමතිවරයා විදුලිය බිඳවැටීමද පසුගිය රජය මත පටවා ඇඟ බේරා ගැනීමට සමත්ව ඇත.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විදුලිය බිඳවැටීම සම්බන්ධව සවස නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන්ය

“අද දින පෙරවරුවේ පානදුර විදුලි උපපොලේ සිදුවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මතු වූ අසමතුලිතතාවයක් නිසා රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවුණා

ජාතික විදුලි බල පද්ධතියේ ස්ථාවර භාවය පවත්වාගෙන යාම කෙරෙහි හොඳින් සැලකිලිමත් නොවී අධූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කලාපයත් තාක්ෂණය පිළිබඳව වැටහීමක් නැති දුර්වල මග පෙන්වීමත් මේ තත්ත්වය උදා කරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යනවා

කොහොම වුනත් මේ තත්ත්වයට හේතු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට පියවර ගන්නවා.

විදුලි බිඳවැටීම නිසා අපහසුතාවයට පත් වූ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරන අතරම විදුලිය පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්නට වෙහෙසුන සහයෝගය දුන් සියලු දෙනාටමත් ස්තූතිවන්ත වෙනවා.

Previous articleපානදුර ග්‍රිඩ් උපපොළට වඳුරෙක් පැනලා නෑ !
Next articleමේකට මම සම්බන්ධ නෑ – පුවත අසත්‍යයි – ඇමති සුනිල් සෙනෙවි පොලිසි යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here