Home අද සියළුම මන්ත‍්‍රීන්ට වාහන බලපත් හෝ රජයෙන් වාහන එපා – විපක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්.

සියළුම මන්ත‍්‍රීන්ට වාහන බලපත් හෝ රජයෙන් වාහන එපා – විපක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්.

592
0

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට වාහන බලපත්‍ර හෝ රජයේ වාහන ලබාදීම අත්හිටුවිය යුතු බවට පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

දැනටමත් රජය වාහන බල බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති නමුත් රජය විසින් වාහනයක් මන්ත‍්‍රී ධුරය දරන කාල සීමාවට ලබාදීමට සාකච්ඡා කරමින් සිටී.

නමුත් නව මන්ත්‍රී යෝජනාවෙන් මන්ත්‍රීවරුන් තමන්ගේ ප්‍රවාහන පහසුකම් තමන් විසින්ම සලසා ගත යුතුව තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම යෝජනාව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සකසා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන යෝජනාවද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එය ඉදිරිපත් කරන ලද්දේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසිනි.

Previous articleනීතිපති ඉවත් කිරීමේ තීන්දුවක් රජය ගෙන නෑ – අධිකරණ ඇමති හර්ෂණ
Next articleයුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here