Home අද කොළඹ කොටස් වෙළඳපොලේ දරුණු කඩාවැටීමක් – ගනුදෙනු මදකට අත්හිටුවයි

කොළඹ කොටස් වෙළඳපොලේ දරුණු කඩාවැටීමක් – ගනුදෙනු මදකට අත්හිටුවයි

362
0

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51 ට විනාඩි 30ක කාලයක් සඳහා අත්හිටුවීමට කටයුතු කෙරිණි.

ඒ අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90 ක් ලෙසින් වාර්තාවී තිබිණ .

එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 5.30% ක හා 4.16% ක පහළ යාමක් බව වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පෙන්වාදෙයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද (07), තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව Japan Nike කොටස් වෙළෙඳපොළ 6.3% ක්, හොංකොං කොටස් වෙළෙඳපොළ ආරම්භයේදී 9.8% ක් වශයෙන් කඩාවැටීමට ලක්ව තිබෙන අතර තායිවාන කොටස් වෙළෙඳපොළ ද 9.8% ක් සහ සිංගප්පූරු කොටස් වෙළෙඳපොළ 7% ක් වශයෙන් කඩාවැටීමට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන ආකාරයටලොවපුරා තවත් වෙළෙඳපොළ සියල්ලම පාහේ අද දිනයේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කර ඇත.

මේ අතර ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර ඇති බවද එම වාර්තා වල සඳහන් ය.

Previous articleසෞදි අරාබියෙන් රටවල් 13 කට වීසා තහනමක් !
Next articleමාස 5කින් බැරි වුනාට පාතාලේ කොහොම හරි මර්ධනය කරනවා – මහජන ආරක්ෂක ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here