රට තුළ ඇතිවී තිබෙන පොල් හිඟයට විසඳුමක් ලෙස පොල් ගෙඩි කෝටි විස්සකට සමාන ලෙස පොල්මද සහ පොල් කිරිපිටි ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇත.
මේ සඳහා පෞද්ගලික අංශයේ සමාගම් 21 ක් සඳහා අවසර ලබා දී තිබෙන බව පොල් සංවර්ධන මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
එළඹෙන උත්සව සමය වන විට මෙම පොල් මෙරටට ලැබෙනු ඇති බව එම නිලධාරයා සඳහන් කළේය.
පොල් ආනයනය කිරීමට පියවර ගැනීමත් සමඟ මෙතෙක් අපනයනය කිරීමට සැලසුම් කර තිබූ දේශීය පොල් ජනතාවගේ පරිභෝජනය සඳහා යොදා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය