Home අද අපි පොඩි රටක් : ඇමරිකාව සමඟ රණ්ඩු බෑ – NPP ඇමති පම්පෝරි...

අපි පොඩි රටක් : ඇමරිකාව සමඟ රණ්ඩු බෑ – NPP ඇමති පම්පෝරි වෙනුවට ඇත්ත පිළිගනියි !

81
0

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

“පුංචි රටක් විදියට වෙන බැකප් ප්ලෑන් එකක්” ලෙස ඇසට ඇස, තකට තක ලෙස ඇමරිකාව සමග රණ්ඩු කිරීමේ හැකියාවක් නැති බවද පැවසූ ඔහු ඒ වෙනුවට වෙනත් විකල්ප ලෙස විකල්ප වෙළෙඳපලවල් සොයාගැනීමට හැකියාව ඇති බවද සඳහන් කළේය .

නියෝජ්‍ය ඇමති අනිල් ප්‍රනාන්දු මේ බව සඳහන් කර සිටියේ අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“මේ සම්බන්ධයෙන් ඇතැමුන් වැරදි සමාජ මත ඉදිරිපත් කරනවා.නමුත් මෙම ප්‍රකාශය සිදුකළ ගමන් මුදල් අමාත්‍යාංශය අප්‍රේල් 04 දින මාධ්‍ය නිවේදනයක් නිකුත්කළා. එය මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කළා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට, ධවල මන්දිරයට සහ අමෙරිකා ට්‍රේඩ් රිප්රසන්ටේටිව් ආයතනය , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා නිවැරදි රාජතාන්ත්‍රික භාවය වන්නේ එයයි.

දෙවැනිදා මෙම ප්‍රකාශය කළ ගමන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ් අනුව යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔවුන් දැන්වූවා. ඒ් අනුව එළඹෙන අඟහරුවාදා පැවැන්වෙන රැස්වීමේදී මෙම යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා.

අප පුංචි රටක් විදියට වෙන බැකප් ප්ලෑන් එකක් විදියට ඇසට ඇස, තකට තක ලෙස ඇමරිකාව සමග රණ්ඩු කිරීමේ හැකියාවක් නැති බවද පැවසූ ඔහු ඒ වෙනුවට වෙනත් විකල්ප ලෙස විකල්ප වෙළෙඳපලවල් සොයාගැනීමට හැකියාව තියෙනවා.”

“44%ක තීරු බදු පනවන්න පටන් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් අපනයන භාණ්ඩ ප්‍රධාන කාණ්ඩවලින් 80-86% ක් අදාළ වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය, ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ආහාර සැකසුම් නිෂ්පාදන, ආභරණ සහ තවත් දේ අදාළ වෙනවා. එකතුව 86%ක් බවට පත්වෙනවා. බදු පැනවීමත් සමග අපේ භාණ්ඩ තරගකාරී බවින් ඉවත්වෙනවා.

අපිට මොකක්ද කරන්න පුළුවන්? වෙළෙඳ පරතරය අඩුකරන්න අමෙරිකාව යෝජනා කළා. අපි අමෙරිකානු වෙළෙඳ නියෝජතයින් සමග රැස්වීමක් ගත්තා. වෙළෙඳ පරතරය අඩු කරන්න අපේ යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අවසාන යෝජනා ලබන අඟහරුවාදා අපි ඉදිරිපත් කරනවා.

පොදු අනුපාතය 10%ක් කියලා අමෙරිකාව ඉදිරිපත් කළානේ. ඒ අමෙරිකාව ආනයනය කරද්දි අනුපාතය 20% හෝ අඩුනම්. 20%ක වගේ අනුපාතයක් සාකච්ඡා කරන්න පුළුවන්. පෙර සඳහන් කළ කාණ්ඩ 5ට විශේෂ අවධානයක් දෙනවා.”

Previous articleඅත්අඩංගුවේ සිටියදී තරුණයෙකු මියයන සිදුවීම – නීතිඥ සංගමය දැඩි කනස්සල්ලට!
Next articleපොලිසියත් අහක බලයි : මාලිමා නියෝජ්‍ය ඇමතිගේ මාමණ්ඩි ගුටිදී ඉඩම අල්ලයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here