වැලිකඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු එහි සේවයේ නියුතු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කරන ලෙස නිර්දේශ කර ඇත. වැඩ බලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.
නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුල්වී සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී ඔහු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම තිදෙනා වැඩ තහනමට ලක් කළ යුතු බවට නිර්දේශ කර ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයාට අමතරව රාජකාරිය පැහැර හැර ඇති බවට චෝදනා ලැබ සිටින වැලිකඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර ඇත.
පසුගිය 01 වැනිදා නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුල්වී සිටි තරුණයා අත්අඩංගුවට ගැනීමත් සමඟ කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව ඔහු වැලිකඩ පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගත කිරීමෙන් පසු මෙලෙස මියගොස් තිබේ.