සෑම වසරකම ජනතා විමුක්ති පෙරමුණ විසින් මහත් උද්‍යෝගයෙන් සමරන අප්‍රේල් විරු සමරුව ඊයේ (05) පැවති නමුත් ඊට ජනාධිපති අනුර කුමාර දිසානයක සහභාගීව නොතිබුනේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය නිසා බව වාර්තා වෙයි.
අප්‍රේල් විරු සමරුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ජනාධිපතිවරයා ඊට සහභාගී නොවීම සම්බන්ධව විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ මෙන්ම දේශපාලන කරළිය තුළද පැතිර යමින් පවතී.
එහිදී බොහෝ දෙනෙකු පවසා තිබුණේ ඉන්දීය ව්‍යාප්තවාදය යන මිත්‍යාව අවසන් කරමින් ජනාධිපති අනුර දිසානයක ගේ ජාතික ජනබලවේගය ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නිසාත්, එම කටයුත්තද අප්‍රේල් 05 වන දිනකම යොදාගෙන තිබූ නිසාත් ජනාධිපතිවරයා එම අවස්ථාව මඟහැරි සිටි බවට අදහසකි.
කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ, ජනාධිපති අනුර දිසානයක අප්‍රේල් විරු සමරුව සඳහා සහභාගී නොවූයේ මෝදි අග්‍රාමාත්‍යවරයා ඇතුලු සම්භාවනීය අමුත්තන් වෙත පිරිනැමුණු රාත්‍රී භෝජන සංග්‍රහය හේතුවෙන් බවයි.
ඉන්දීය දූත කණ්ඩායම මෙන්ම මෙරට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , මැති ඇමතිවරුන්, ඇතුලු ඉහල පෙළේ ප්‍රභූන් රැසක් එම අවස්ථාවට එක්ව සිටි බවද එම ආරංචි මාර්ග පැවසීය .