Home අද අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු මියයන සිදුවීම – නීතිඥ සංගමය දැඩි කනස්සල්ලට!

අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු මියයන සිදුවීම – නීතිඥ සංගමය දැඩි කනස්සල්ලට!

66
0

නාවල ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වූ තරුණයෙකු, වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටියදී මිය යන ලද්දේ අප්‍රේල් 1 වනදාය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කරමින්, වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඉල්ලීමක් කළේය.

අප්‍රේල් 5 දින නිකුත් කළ නිවේදනයක් මගින් BASL සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවේ සිටියදී තරුණයා තුවාල ලබා ඇති බවත්, එම තුවාල තමන් විසින්ම සිදු කරගත් බවට පවසන ප්‍රකාශය පිළිබඳ දැඩි සැක සහ කනස්සල්ලක් පවතින බවය.

BASL වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙවැනි සිදුවීම් නැවත නැවත සිදුවීම මහජන විශ්වාසය පහල දැමීමක් වන අතර, නීතිය ක්‍රියාත්මක කිරීමේ යුතුකම සුරැකිව පවත්වා ගැනීම සදහා පොලිසිය සහ නීති ක්‍රමය වගකිය යුතු බවය.

නීතිඥ සංගමය විවේචනය කළේ, මෙවැනි සිදුවීම් වැළැක්වීම සදහා බලධාරීන්ගෙන් අර්ථවත් ක්‍රියාමාර්ග අපේක්ෂා කළද, ඔවුන්ගෙන් ලැබී ඇත්තේ මන්දගාමී ප්‍රතිචාර බවයි. ඒ අනුව, අත්අඩංගුවේ පසුවන මරණ සම්බන්ධයෙන් “ශුන්‍ය ඉවසීමේ” (zero tolerance) ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවද පැවසීය.

නිවේදනය

Previous articleවැලිකඩ පොලිසියේ නිලධාරීන් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කිරීම නිර්දේශ කෙරේ!
Next articleඅපි පොඩි රටක් : ඇමරිකාව සමඟ රණ්ඩු බෑ – NPP ඇමති පම්පෝරි වෙනුවට ඇත්ත පිළිගනියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here