අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකව අපහරණය කිරීමේ චෝදනාවේ සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගෙන තිබෙන බව වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකරයට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබූ අතර එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට සැකකරුව ඉදිරිපත් කර තිබේ.
පසුගිය නඩුවාර දෙකකදී සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අධිකරණයට ගෙනා නමුත් එහිදී වින්දිත වෛද්‍යවරිය ඊට සහභාගීව සිටියේ නැත.
ඒ සම්බන්ධව ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු විසින් වෛද්‍යවරියගේ නොපැමිණීම විවේචනය කර අතර ඊට ප්‍රතිවිරුද්ධ මතධාරීන් ද අදහස් දක්වමින් සැළකෙන යුතු සංවාදයක් බවට එය පත්ව තිබිණ .