පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමඟම එම ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනුව වාර්තා වේ.
දැනට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක (පරිපාලන), සංජීව මැදවත්ත , රන්මල් කොඩිතුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත් සහ එම්ජීආර් එස් දමින්ද යන නිලධාරීන් පොලිස්පති ධූරය සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු අනිවාර්යයෙන්ම එම ධූරයෙන් ඉවත් කෙරෙනු ඇති අතර අනතුරුව මීළඟට පත් කෙරෙන පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි ද වාර්තා වේ