Home අද රනිල්ට දර්ශනයක් තියෙනවා : රැකියා ඉල්ලා විරෝධතා කළත් රාජ්‍ය අංශයට තොග පිටින්...

රනිල්ට දර්ශනයක් තියෙනවා : රැකියා ඉල්ලා විරෝධතා කළත් රාජ්‍ය අංශයට තොග පිටින් පුරවන්න බෑ ! ලාල් කෙළින්ම කියයි !

241
0

ලාංකීය සමාජය ඇතුළ ලිබරල් වාදය වෙනුවෙන් පෙනී සිටි දේශපාලඥයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ඊට අදාළව ඔහුට දර්ශනයක් තිබූ බවත් කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාත්න පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නම් එවැනි දැක්මක් කොහෙත්ම නැති අතර ඔහු සමාජය නඩත්තු කිරීම පමණක් කළ අයෙකු බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මේ බව සඳහන් කර සිටියේ ජවිපෙ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයන් ගේ හමුවක් අමතමිනි .

රාජ්‍ය සේවයට තවදුරටත් සීමාවකින් තොරව පුද්ගලයන් බඳවා නොගත යුතු බවද පැවසූ ඔහු රජය මැදිහත් විය යුත්තේ රාජ්‍යයෙන් එළියේ පුද්ගලික අංශය තුළ රැකියා උත්පාදනය සඳහා පමණක් බවද එහිදී ලාල් කාන්ත අමාත්‍යවරයා පවසා සිටියේ ය.

එබැවින් රජයේ රැකියා ඉල්ලා කොතරම් විරෝධතා සිදුකළත් බල්ක් වශයෙන් රාජ්‍ය අංශයේ රැකියා ලබාදුනහොත් පාලනය ගෙන යා නොහැකි බවත් එබැවින් පුරප්පාඩු සඳහා තරග විභාග ඇසුරෙන් රාජ්‍ය අංශයේ බඳවගැනීම් සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කළේය .

Previous articleමෝදිගේ පැමිණීම ගැන ඉන්දි⁣යාවෙන් නිල නිවේදනයක් !
Next articleමියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here