හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට 2022 ජූලි 09 වන දින එල්ල වූ ප්‍රහාරයේ සහ ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන හමුදාවට බාධා කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර නම් කර තිබේ.
ඒ අනුව එම නඩුව පසුගියදා කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඔහු පෙනී සිට නැත.
කෙසේවෙතත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවය.
තවත් සැකකරුවන් කිහිප දෙනෙකුගේද නීතිඥයන් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයින් අධිකරණයට පැමිණීමට නොහැකි බවය.
කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ අතර ඊළඟ නඩු විභාගයේදී නියෝජ්‍ය අමාත්‍ය ගුණසේකර ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය