Home අද ඇමෙරිකාව සමඟ පැවති සබඳතා සියල්ල අවසන් – කැනඩා අගමැති පවසයි.

ඇමෙරිකාව සමඟ පැවති සබඳතා සියල්ල අවසන් – කැනඩා අගමැති පවසයි.

41
0

ඇමෙරිකාව සමග පැවති පැරණි සබඳතා සියල්ල අවසන් බව කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසයි.

ආර්ථිකය,  ආරක්ෂාව හා හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකාව සමග පැවති සියලු සබඳතා අවසන් බවද කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් ඛානි පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් කැනඩා ආර්ථිකය පිළිබඳ මූලික වශයෙන් සිතාබලා කටයුතු කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව කැනඩා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඇමෙරිකා ආර්ථිකයට බලපෑමක් එල්ලවන ආකාරයේ බදු පැනවීමට තමා ද කටයුතු කරන බවත් ඇමෙරිකාවෙන් ආනයනය කෙරෙන වාහන හා වාහන අමතරකොටස් සඳහා සියයට 25ක අමතර තීරු බදු පැනවීමට අදහස් කරන බවද කැනඩා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Previous articleරනිල්ගේ නිවස ගිනි තැබීම : එරංග ගුණසේකර සැකකරුවෙක් ලෙස නම් කරයි !
Next articleමෝදිගේ පැමිණීම ගැන ඉන්දි⁣යාවෙන් නිල නිවේදනයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here