Home අද මහනුවර හේවාහැට රිලවුන්ට දූපතක් සූදානම් : වරදින්න හේතුවක් නෑ – මනුවර්ණ

මහනුවර හේවාහැට රිලවුන්ට දූපතක් සූදානම් : වරදින්න හේතුවක් නෑ – මනුවර්ණ

120
0

මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ආසනයේ රිලවුන් අල්ලා දූපතකට මුදාහැරීමට තීරණය කර ඇති බවත් ඒ තීරණයේ කිසිඳු අඩුවක් නොමැති බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.

පර්‍යේෂණ මට්ටමින් ආරම්භ කරන මෙම කටයුත්ත ඉදිරියේදී දිස්ත්‍රිකය පුරාත් අනතුරුව පළාත පුරාද දියත්කර දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

එම දිස්ත්‍රික්කයේ වගාවලට රිළවුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව ඊයේ (27) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

එහිදී තීරණය වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන රිළවුන් රන්දෙණිගල ජලාශය මධ්‍යයේ පිහිටි අක්කර 200කට ආසන්න වපසරියකින් යුත් දූපතකට රැගෙනයාමටය.

හේවාහැට ආසනයේ ගම්මාන 15ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක මෙහි නියමු ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 10ක් වෙන්කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෙද්‍ය පීඨයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රධානත්වය දරන අදාළ කමිටුවට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව රැසක් එක් මෙම තීරණ ගෙන තිබේ.

Previous articleවෛද්‍යවරිය අපහරණය කිරීමේ සිද්ධියේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගැනේ
Next articleපුළුවන්නම් මාලිමාව කරන බවට පොරොන්දුවී නොකර සිටි වැඩ කියන්න : එරංග විපක්ෂය තිගස්සවයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here